නවතා දැමුණු ඉන්දු පාකිස්තාන සාම කතා යළි ආරම්භ කළ යුතු යැයි ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය තව නොබෝ දිනකින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වෙයි
එම සැසිය අතරතුරේ, ඊට සහභාගී වන ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ පාකිස්නාන විදේශ ඇමැති මෙහමුස් කුෂ්ටි එකිනෙකා හමුවි, සාම කතා ආරමභ කළ යුතු යැයි ඉරාන් ඛාන් යෝඡනා කර ඇත. අසල්වැසි ඉන්දියාව සමග සාකචඡා පවත්වා කාශ්මීර අර්බුදයට පැහැදිලි මෙන්ම සාධාරණ විසදුමක් සොයා ගැනීමට කටයුතු කිරීම ඉම්රාන්ගේ ඡන්ද පොරොන්දුවකි.
2015 වසරේ දෙසැමබරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දියාවේ පතක්කූට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන සබඳතා මුළුමණින්ම අඩපණ විය. දෙරට අතර යුද උණුසුමක් පවා

නිර්මාණය විය.
පසුගිය අගමැති නවාස් ෂරීෆ්ගේ රජය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට අනුග්‍රහය දක්වනවා යැයි ඉන්දීය රජය දිගින් දිගටම චෝදනා කර තිබුණි.
කාශ්මීර අර්බුදයට විසඳුමක් සොයමින්, සාම සාකච්ඡා පවත්වා යහපත් සබඳනා ඇති කර ගැනීමට පාකිනාන නව අගමැති ඉම්රාන් ඛාන් දක්වන කැමැත්ත
ලෝක දේශපාලන විශ්ලේෂකයගේ පැසැසුමට හේතුවක් වී ඇත. මේ අතර නව අගමැති ඉරාන් ඛාන් පසුගිය 13 වැනිදා සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් සෞදිය බලා ගියේය.
ඉම්රාන් සෞදියට පැමිණියේ 18 වැනිදා සවසය. ඒ, පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකිනි. සෞදි රජයෙන් අගමැති ඉඹරාන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මෙදිනා සහ ජෙඩා නගරවල ඉම්රාන් සංචාරය කළේය. රතු මුහුද ආශ්‍රිත ජෙඩා නුවර සෞදි වරාය නගරයේ ද සංචාරය කළේය. ඉම්රාන් ඛාන් සහ සෞදියේ සල්මාන් රජු අතර හමුව පැවැත්වූයේ එම අවස්ථා‍වේදීය. හමුව පැවැත්වූයේ සාම මන්දිරයේය. ඉම්රාන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
ද්වීපාර්ශවික සබදතා කර ගැනීමේ අටියෙන් මෙහිදී අගමැති ඉරාන් සහ සෞදියේ සල්මාන් රජු අතර සාකච්ඡා පැවැත්වුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
මෙම සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු පෙරේදා (19) ඉම්රාන් එක්සන් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පැමිණි බවද වාර්තා වෙයි.