https://www.gossiplankanews.com/2018/09/chandrika-protest.html#more
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරේදා(22) පෙරවරුවේ මීවල - බොනෑගල නව පාලම විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී
අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සහාපති ප්‍රියන්ත පුෂ්පකුමාර සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් හූ කියමින් කෑකෝ ගසමින් විරෝධතාව පළකර තිබේ.
  හිටපු ජනාධිපතිනිය

එම විරෝධතාව නොතැකූ අතර එය මධ්‍යයේ පීන්ත පටියක් කපා පාලම විවෘත කර තිබේ.
හිටපු කතානායකවරයකු සහ ඇමැතිවරයකු වන අභාවප්‍රාප්ත අනුර බණ්ඩාරනායක මහතා කර තිබූ ඉල්ලීමක් අනුව බ්‍රිතාන්‍ය රජයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු ලක්ෂ 700ක මුදලක් යොදවා මේ පාලම ඉදිකෙරුණු බව එහිදී කියැවිණි.

හිටපු ජනාධිපතිනිය සමග අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නි.අමාත්‍ය ලසන්ත අලගියවන්න හා පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රසෝම සරණලාල් යන මහත්වරුන්
පාලම විවෘත කිරීමට පැමිණ සිටි බවත් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන එක දිගට " හු" කියමින් කෑකෝ ගමින් විරෝධතාවක් පැවැත්වූ බවත් වාර්තා විය.


"අනුන් හදපු පාලම විවෘත කරන්නේ රෙදි ඇදගෙනද? ජනාධිපති කාලයේ හදපු නැති පාලම් දැන් විවෘත කරන්නේ කොහොමද?" ආදී සටන් පාඨ මෙම විරෝධතා පුවරුවල සටහන් කර තිබිණි.

දිගින් දිගටම විරෝධතාව පැවැත්වෙද්දී ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදය - හූ කීවාට අපේ ගමන අපි යනවා" කියමින් හිටපු ජනපතිනිය පීත්ත පටිය කපා පාලම විවෘත කළාය.
පාලම විවෘත කිරීමෙන් පසු අදහස් දැක්වූ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා "හූ" කියල රජයේ වැඩ නවත්වන්න බැහැ. අපි නවත්වන්නෙත් නැහැ. රටේ සංවර්ධනය අපි ජනතාව වෙනුවෙන් කරගෙන යනවා, ඒක නවත්වන්නෙ ඔය හු කියන අයට කිසිසේත්ම බැරි යැයි කීය. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා
"මම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩකෙරුණා. නමුත් ජනතාව අතින් එතුමා ප්‍රතිකේෂ්ප කෙරුණා. එහෙම ප්‍රතික්ෂේප කරුවේ ඇයි කියලා සොයා බලා ඒවාට විසදුම් සොයනවා වෙනුවට, හූ කියලා බොරුවට කෑ ගහලා මේ කරගෙන යන සංචර්ධන
කටයුතු නවත්වන්න බැහැ. ඔය කෑගැහිල්ල නවත්වලා අපිත් එක්ක එකතු වෙන්නැයි ඉල්ලා සිටිනවා.”  කීවේය.

හිටපු ජනපතිනිය අදහස් දැක්වීමක් නොකළ නමුත්, "කෑගහල කටවල් රිදුණාම නවත්වාවි. අපි ඕවා ගණන් ගත යුතු නැහැ"යි කියමින් පිටවී ගියාය.
(වාරණ ආනන්ද ඉ. ජයකොඩි)