ථවාහන ආනයනය තවදුරටත් සීමාකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ.
රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනයේ වටිනාකමට සියයට සියයකින් සමාන
මුදලක් තැත්පත් කිරීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් කල්බදු ක්‍රමය යටතේ ආනයනකරුවන්ට නිකුත් නොකරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස් දී ඇත.
නව රෙගුලාසි හේතුවෙන් වාහන ආනයනය සීමා වීම හරහා විදේශීය විනිමය රටින් බැහැර විම සැලකිය යුතු අයුරින්

අඩුවනු ඇතැයිද එය රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හේත්තුවනු  ඇතැයි ද රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට පෙරද රජය කුඩා මෝටර් රථ ආනයනය සඳහා අයකරන තීරුබදු ප්‍රමාණය වැඩිකළ අතර ඒ හේතුවෙන් කුඩා වාහන ආනයනය සීමා වූ බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

(රංජන් කස්තුරි)