https://www.gossiplankanews.com/2018/07/shyamali-perera-death-sentenced.html#more
සුගිය දිනවල ජනපතිවරයාගේ අවධානයට ලක්වූ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංසිද්ධියේදී එල්ලා මරන්න නියමවූ කුඩු ලොක්කන් 18 ක ලැයිස්තුවේ නම් ප්‍රසිද්ධ කර තිබූ අතර එක් කාන්තාවකගේ නමක්ද එහි තිබීම ගැන කථාබහක් ඇති විය.
ඇයගේ නම සඳහන් වූයේ ශ්‍යාමලී පෙරේරා ලෙසිනි. මින් ඉහත රටේ ආන්දෝලනයට තුඩු දුන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරියගේ නමද
එය වූ නමුත් ඒ ශ්‍යාමලී මේ කියන ශ්‍යාමලි නොවූවාය. වාර්තාවන අන්දමට ඇය ඇත්තටම කුඩු රැජිණියකි. මෝදර කුඩු රැජිණ නමින් බෞතීස්ම ලබා තිබෙන ඇය 2011දී එල්ලා මරන්න නියමවී තිබූ අතර දැනට අවුරුදු 7 ක් තිස්සේ බන්ධනාගාරගතව සිටින්නියකි. ඇයගේ සම්පූර්ණ නම මුණසිංහ ආරච්චිගේ ශ්‍යාමලී පෙරේරාය. වයස අවුරුදු 48ක් වන ඇය කාලයක් මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ මත් කුඩු ජාවාරම සංවිධානාත්මක ලෙස මෙහෙයවූ තැනැත්තියයි.

දෙදරු මවකවූ ඇගේ පදිංචිය මෝයපාර, කොළඹ 15 ලෙස සටහන්වේ. මුලින්ම මෝදර පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ 2004දීය.

ඒ හෙරොයින් ගැම් 45, මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගත් වරදටය. එම වරදට රිමාන්ඩ් බන්ධනාගාර ගතවූ ඇයට ඇප ලැබෙන අතර දෙවැනි වරට ඇය අත්අඩංගුවට පත්වන්නේ 2010 දීය. ඒ හෙරොයින් ගැම් 18, මිලිග්‍රෑම්500ක් සමගිනි. මෙකී දෙවැනි සිද්ධිය සම්බන්ධයෙන් නඩුව තවමත් අවුරුදු 8 ක් තිස්සේ මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර ඇයට මරණ දඬුවම නියම වන්නේ 2004 සිද්ධිය සම්බන්ධයෙනි. එම නඩුව වසර 7 ක් තිස්සේ විභාග කර ඇයට මරණ දඩුවම් නියමවී ඇත්තේ 2011 මාර්තු පළමු වැනිදාය.

එතැන් සිට අවුරුදු 8 ක්ම ඇය සිරගතව සිටින නමුත් ඇය ඇතුළේ සිටියත් එළියේ සිටි ආකාරයටම මෙම ජාවාරම් තවමත් මෙහෙයවීම් කරන්නියක බව වාර්තාවේ.
මෙම තැනැත්තියගේ කුඩු හා රත්රන් ජාවාරම් ජාලයට පාතාල ගෝලබාලයන් රැසක්ම එකතුවී සිටිති. ප්‍රබල පාතාල ගෝලබාලයින් දොළොස් දෙනකු ඇය යටතේ සේවය කරන බවද පැවසේ. ඔවුන් සිදු කරන කටයුතු අතර කුඩු ගෙන්වා බෙදාහැරීම,විදේශගතවන ගෘහ සේවිකා කාන්තාවන්ගෙ ගමන් මලු හරහා රත්රන් ගෙන්වාගෙන මුදල් කිරීම, උකස්කරන රත්‍රං මිලටගෙන වැඩිමිලට විකිණිම වැනි කටයුතු තිබෙන බවත් ඒවාට ජාලගතවූ ගැණුම්කරුවන් අතර හෙට්ටිවීදියේ නමගිය කඩවල් තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබිණි.

ශ්‍යාමලීගේ ගෝලයින් රිමාන්ඩ් ගතවෙන බව දැනදැනම බය නැතිව එම වැඩ කරන බවත් ඔවුන් ටික කලකින්ම බේරාගන්නා උපායද ඇය සතු නිසා ගැටලු අවම බවත් පැවසිණි. ගෝලබාලයන් බන්ධනාගාර ගතවූ පසු

ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම් සඳහා වෙනම පහසුකම් සපයනක ක්‍රමවේදයක්ද ඇය පිහිටුවා ඇතැයි වාර්තාවී තිබුණි.ඇය පදිංචි මෝය පාර ප්‍රදේශයේ දරුවෙකුට හදිසියේ අසනීප වුවහොත් එම දරුවා රෝහලට හෝ පෞද්ගලික ඩිස්පැන්සරියක් වෙත ගෙන යන්නේද ශ්‍යාමලී පෙරේරාගේ ගෝලයකුට අයත් ත්‍රිරෝද රථයකිනි. ගමේ යම් කිසිවකුගේ මරණයකදී මිනී පෙට්ටිය සහ සත්දින දානය දෙනු ලබන්නේද ඇයගේ මුදලිනි.

මෙම පරිත්‍යාග නිසාම ඇය ප්‍ර දේශයේ නමගිය දානපතිනියක ලෙස වැජඹුණ අතර.  2011 වසරේදී ඇය බන්ධනාගාර ගතවූ අවස්ථාවේ ගම්මුන් ඇය ගැන දුක්වූ බවද වාර්තාවිය. එසේ වුවත් ඇයගේ ජාවාරම් කටයුතු මෙන්ම ගමට සැලකීමේ වැඩ නතරවී නැතැයි පැවසේ. සිරගෙදර ඇය වාසය කරන්නේද අකමැත්තකින් නොවේ. එල්ලුම් ගස් යැවීමට සිටින ලැයිස්තුවේ මුලින්ම සිටින ශ්‍යාමලී පෙරේරාගේ  ගෙල ඉදිරි දිනෙක සිඳිනු ලැබුවොත් ලංකාවේ එල්ලා මරා දැමූ පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසයටද එක්වනු ඇත.