දැනට වැඩ අවසන් වෙමින් පවතින කොළඹ නෙළුම් කුලුනේ සේවයේ නිරතව සිටි සේවකයෙකු අද පස්වරු
දෙකට පමණ

අඩි 145 පමණ උසින් වැටි මියගොස් තිබෙයි. (කුළුනේ උස අඩි 1148 කි) මියගිය පුද්ගලයා වයස 19 ක තරුණයෙකු බවත් ඔහු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් පොලිසිය වාර්තා කර ඇත.
නෙළුම් කුළුනේ වැඩ කටයුතු අවසන් වීමට නියමිතව තිබුනේ පසුගිය 2017 දෙැසැම්බර් මාසයේදී වුවත් තවම එය අවසන් කර නැත.
2012 සිට ඇරඹි මෙම ඉදිකිරීම් කටයුතු අතර මෙවැනි අනතුරක් වූ පළමු වතාව මෙයයි.