ඉබ්බාගමුව, කදුළව ප්‍රදේශයේදී පෙර්දා (10දා) සිය බිරිදගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ සැමියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි.  එම ප්‍රදේශයේ පදිංචි කේ. ශාත්තසිරි (46) හැවිරිද තිදරු පියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා විසින් තරුණ සමයේදීම සිය බිරිඳ ද මත්පැන් පානයට හුරුකර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර කාන්තාචද මත්පැනට ඇබ්බැහි වී සිටි බවත් මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 මෙම යුවළගේ 18 හැවිරිදි දරුවා කඩවත ප්‍රදේශයේ රැකියාවක යෙදී සිටින

අතර වයස අවුරුදු 13 සහ 07 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා ඥාති නිවෙස් වෙත පිටත්කර යවීමෙන් අනතුරුව අඹුසැමියන් එක්ව මත්පැන් පානය කිරීමට හුරු වී සිට ඇතැයිද පොලීසිය පවසයි. ඒ අනුව පෙරේරා උදෑසන කාලයේ දරු දෙදෙනා මිත්තණියගේ නිවසට යැවීමෙන් අනතුරුව මෙම යුවළ නිවස තුළ මත්පැන් පානය කර ඇති බව හා එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා සැකකාරිය මෙම පහරදීම සිදු කොට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

  පහරදීමෙන් ජීවිතක්ෂයට පත් ස්වාමියාගේ සිරුර සැකකාරිය විසින් නිවසේ වැසිකිළි වළට දැමීම සුදානම් කර තිබූ නමුත් ඊට පෙර මිත්තණියගේ නිවසට ගොස් සිටි දරුවෙකු ආපසු නිවසට පැමිණීම හේතුවෙන් මෙම අපරාධය පිළිබඳව අනාවරණය වී තිබේ.