දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහල වෛරස් රෝගීන්ගෙන් පිරී ඉතිරීයාම නිසා එහි ඇදන් ප්‍රමාණයටත් වැඩි රෝගීන් ප්‍රමාණයක් නවාතැන් ලබාගෙන අතිරික්ත ස්වරූපයකට පත්ව ඇතැයි වාර්තාවේ.
රෝහලේ බොහෝ වාට්ටු උණ

සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැළදුණ රෝගීන්ගෙන් පිරී තිබෙන බවත් ඔවුන්ට වැලදී ඇත්තේ ඉන්ෆ්ලුවන්සාවද යන්න තවම පරීක්ෂණ කරන බවත් බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර ඊයේ සවස වනවිට එම පරීක්ෂණවල ප්‍රතිඵල වලින්  එක් රෝගියකුට වැළදී ඇත්තේ ඉන්ෆ්ලුවන්සාව බවට තහවුරු කරගෙන තිබේ. අනෙක් රෝගීන්ගේ වාර්තා තවම ලැබී අවසන් නැත.
මේ වනවිට කුඩා දරුවන් 20 කට පමණ මරු කැදවූ දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා රෝගය දැන් දැන් කොළඹ හා තදාසන්න නගරවලටද ව්‍යාප්ත වෙමින් පවතින බවට ඉගියක් මේ නිසා ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකලිකිමත්වන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දචී තිබේ.