අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් අතර සිංගප්පුරුවේ පැවති සමුළුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් වෙත තෑගි ලෙස ලබා දුන් USB උපාංගය සහිත සුළං
පංකාව

පරිගණකවලට සවි කිරීමට ඔවුන් අකමැති වී ඇති බව වාර්තා වේ. ඒ එම පර්ගණකවලට යම් හානියක් සිදු වීමට හෝ දත්ත සොරා ගැනීමකට ලක්වේදැයි ඇති වූ සැකය මතය.  මාධ්‍යවේදීන්ට ලබා දුන් බෑගයේ කුඩා පංකාවක්. ජලය සහ මාගෝපදේශ පොත් පිංචක් තිබූ බව සඳහන්ය. එදින සිංගප්පූරුවේ උෂ්ණත්වය අංශක 33 ක් වූ බව විදෙස් මාධ්‍යවේදීන් අනාවරණය කරයි. කෙසේ වුවත් ලබා දුන් පංකාව පිළිබඳ සයිබර් විශේෂඥයෝ ද පුදුමයට පත්ව ඇති බව වාර්තා වේ.