ත්‍රීවීල් රථ හා මෝටර් බයිසිකල් ඉලක්ක කරගෙන නව අඩු මිල පෙට්‍රල් විශේෂයක් හදුන්වාදීමට සූදානම් බව ඛණිජ තෙල් ඇමති අර්ජුන රණතුංග අද පැවසුවේය.
සිය අමාත්‍යංශයේ

ඉංජිනේරු පිරිසකට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ඔහු කියා සිටියේ මේ වනවිට නව පෙට්‍රල් විශේෂය ගැන පරීක්ෂණ සිදුවන බවත් ඉක්මණින්ම වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවත්ය. ඒ අනුව නොබෝදිනකින්ම නව පෙටුල් විශේෂය දිවයින පුරා සිපෙට්කෝ නියෝජිතායතන හරහා මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථ රියදුරන්ට ලබාගත හැකි වනු ඇත. දැනට වෙළෙදපොළේ පවතින ඔක්ටේන් 95  සහ ඔක්ටේන් 92 ට අමතරව මෙම නව විශේෂයද අලෙවියට පැමිණෙනු ඇති අතර ඒවායේ මිල සාපේක්ෂව පහළ අගයකින් ලබාදෙන්නට හැකිවනු ඇතැයි ඇමතිවරයා දන්වා සිටියේය.