නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කෝටි 240 ක ජීවිත  රක්ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන ඇත. මෙම ජීවිත රක්ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්කේ
ශ්‍රීදේවි ඩුබායිහිදී මියගියොත් පමණකි. සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා පවසන්නේ ශ්‍රීදේවි ඝාතනයට ලක්වී ඇති බවයි.

සුනිල් සිංගේ නීතිවේදියා හෙළි කර ඇත්තේ ශ්‍රීදේවියගේ රක්ෂණ ඔප්පුව ගැන ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වූ බවයි.ඇයගේ රක්ෂණ මුදල ලබා ගැනීමට ඇයව ඝාතනය කර තිබෙනවා. එම ඝාතනය සැළසුම් කළ අපරාධයක් යැයි එම නීතිවේදියා කීවේය.

ශ්‍රී දේවි ඝාතනය වී ඇති බව හිටපු සහකාර පොලිස් අධිකාරි වෙඩි භූෂාන් ද ප්‍රකාශ කර ඇත.


නවදිල්ලි පොලිසිය සුනන්දා පුස්කාර් මාධ්‍යවේදිනිය ඝාතනය ගැන තවදුරටත් සොයනවා. එහෙත් ඩුබායි පොලිසිය දින හතරකින් ශ්‍රී දේවියගේ මරණ්‍ය ගැන පරීකෂණ අවසන් කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දුන්නා යැයි සහකාර පොලිස් අධිකාරී භූෂන් කියා සිටියේය.
එසේම ඇයගේ නමින් රක්ෂණ ඔප්පුව ලබා ගෙන තිබුණේ ඕමාන් රාජ්‍යයෙන්, මේ ඔප්පුවේ සඳහන් කර තිබුණේ ඇය ඩුබායිහිදී මියගියහොත් පමණක් රුපියල් කෝටි 240 ලබා ගැනීමට හැකි බවයි හෙතෙම හෙළි කළේය.

ශ්‍රීදේවියගේ සැමියා වූ බොනී කපූර් ණය ලබාගෙන ඇති බවත් ඔහු මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි බවද මාධ්‍යයට හෙළි වී ඇත.
එසේම ඇගේ මරණයට ඩුබායිහි සිටින පාතාල කල්ලි නායක ඉබ්‍රාහිම් ඩාවුඩ් සම්බන්ධ බවට ද හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා චෝදනා කළේය.

ඩුබායි හෝටලයේ ශ්‍රී දේවියගේ කාමරයට යන ස්ථානයේ සීසීටීවී දර්ශන පවා මරණ පරීක්‍ෂණයට ඉදිරිපත් කර නැති බවද ඔහු කීවේය.

මම එම හෝටලයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කිරීමට උත්සාහ කළත් ඊට ඉඩ ලැබුණේ නැහැ යෑයි භූෂන් සඳහන් කළේය.අඩි 5 අඟල් 2 ක් උසැති ශ්‍රී දේවි නාන තටාකයේ වැටී මියගිය බවට කර ඇති ප්‍රකාශය තමා ප්‍රතික්‍ෂේප කරන බව ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.