සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු පසුගියදා
වෙන්වයාම රටම

කතාවන මාතෘකාවක් බවට පත්වූයේ ඔහු සමුගන්නා අවස්ථාවේ හිටපු කොටි සාමාජිකයින්ද කඳුළු සැලීමේ දර්ශන මාධ්‍ය තුළ පළවීම නිසාය.
ලබන මාසයේදී විශ‍්‍රාම යාමට නියමිතව සිටි කර්නල් වරයාට යුද හමුදාව සේවා දිගුවක් ලබාදී තිබෙයි.
යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප‍්‍රිය බන්දු විනය හේතුවක් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මාරුකර තිබු අතර ඔහු සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ 2012 වසරේ සිටයි.
ඔහු ධුරයට සමුදී අඹේපුස්ස කඳවුර වෙත ස්ථාන මාරුවීම් ලැබ පිටව යන අවස්ථාවේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් දැක්වූ ගෞරවය මත මෙම කතාබහ ඇති විය.