ඊයේ (14) නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය හෙට(16) සමරන බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර ඇත.

එහෙත් සවුදි අරාබිය ,

එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉන්දුනිසියාව සහ ඕමානයට නව සඳ දර්ශනය වී තිබේ. ඒ අනුව එම රටවල් අද(15) ඊදුල් පීතර් උත්සවය සමරන බව විදෙස් වාර්තා සදහන් කර ඇත.
සවුදිය අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ ද ඇතැම් පිරිස් රාමසාන් උත්සවය අද සමරන බව කොළඹ කොටුව ජුම්මා පල්ලියේ ප‍්‍රධාන පූජකතුමා ප‍්‍රකාශ කළේය.