එංගලන්ත මහරැජිනට අයත් සම්භාවනීය අමුත්තන් පිළිගන්න කාමරය සුවිශේෂී එකක්. එහි ඉතා විශාල වටිනාකමක් සහිත භාන්ඩ රාශියක් ඇති අතර,මහරැජින  හමුවීමට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා ඇතුළු 
සම්භාවනීය අමුත්තන් පිළිගැනීමට

සහ සාකච්ඡා කිරීමට එය යොදා ගනී.
පසුගිය 30 වැනිදා එම කාමරයේ  තිබු එක්තරා ඡායාරූපයක සටහන් වෙලා දෙයක් ගැන මාධ්‍ය අවධානය යොමු වුණා.කාමරයේ පසෙකින් තියන මේසයක් මත තබා තිබුන එහි අලුත විවාහ වුන හැරී සහ මෙගන් යුවලගේ  විවාහ ගිවිස ගත් දිනයේ ලබා ගත් ඡායාරූපයක් තිබුණා.
නමුත් එංගලන්ත සන් පුවත්පත දැන් පවසන්නේ මංගල්‍යට අනතුරුව ඉතා මෑතක එම කාමරයේ  ලබාගෙන තිබුන ඡායාරූපයක ඔවුන් දෙදෙනාගේ ඡායාරූපය  අතුරුදන්ව
 ඇති බවයි. සතියක් යන්න පෙර එය දක්නට නොලැබීම ගැන බොහෝ දෙනෙක් විමසිලිමත්ව ඇති බවත් මේකට හේතුව රැජිණ හා මෙගන් අතර විරසකයක ආරම්භය බවත් ඇතැමුන් කතා පතුරලා.
නමුත් ඇතැමුන් සදහන් කරන්නේ එය මාලිගාවේ සේවකයන් විසින් ඉවත් කර නව යුවලගේ නිවසට ගෙන යන්න ඇති බවකි.