තමන් පාවිච්චි කරන දුරකථනයෙන් කෝල් එකක් ගද්දි  බොහෝ අය  විනාඩියකට කීයක් කැපෙනවද යන්න ගැන විමසිලිමත් වෙනවා.සමහර අය තත්පරේට විතරක් ගෙවන්න පැකේජ් හොයනවා.
මෙම තත්පර විනාඩි කතාවට තිත තබමින් අන්ලිමිටඩ් කොල් ටයිම් එකකින් රිසි සේ කතා කරන්න අවස්ථාව මොබිටෙල් ආයතනය හඳුන්වා දී තිබේ.

Master Unlimited නමැති මෙම විශේෂ හඳුන්වාදීමේ පැකේජයේදී රුපියල් 1500ක මුදලකට ඔබට මාසයක් පුරාවට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව පවතියි. එමෙන්ම අන්තර්ජාලයේ සැරිසරන්නට මේ පැකේජයේ මුල් මාස 3 පුරා 2GB බැගින් නොමිලේ Data හිමිවෙයි.
ශත 20ක් වැනි මුදලකට මේ පැකේජය මඟින් SMS හා MMS යැවීමේ හැකියාව පවතින බවද කියැවේ.
ආදරවන්තයන්ට මෙමගින් විශේෂ සහනයක් ලැබෙනු ඇතැයි මොබිටෙල් බලාපොරොත්තුවයි.
වැඩි විස්තර www.mobitel.lk/master වෙත පිවිස දැනගත හැකිය.
 සීමිත පිරිසකට පමණක් මෙම අවස්ථාව ඇති බවද සඳහන් වේ.