සංචාරක හෝටලයක් තුළ විදේශීය තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල ප්‍රදේශයේ හෝටලයක සේවකයකු රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.පී. ජයතිලක මහතා වෙත
ඉදිරිපත් කිරීමෙන්

අනතුරුව මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙසේ දූෂණයට ලක්වී ඇත්තේ ස්වීඩන් ජාතික විසිඑක් හැවිරිදි තරුණියකි. ඇය ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී තවත් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ පසුගිය නව වැනිදා ලංකාවට පැමිණ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ඇත. එහිදී මෙම තරුණිය නැවතී සිටි හෝටලයේ කාමරයට පැමිණි සේවකයා ඇය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි. මේ පිළිබඳව සිය පියාට දුරකථනයෙන් දන්වා පියාව ගෙන්වා ගෙන පියා සමඟ කිතුල්ගල පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

ඉන්පසු කිතුල්ගල පොලිසිය මගින් අදාළ සැකකරු කිතුල්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.  දූෂණයට ලක්වූ තරුණිය අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්  කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇත.