යේ පස්වරුවේ කැළණිය විශ්වවිද්‍යාල භූමියේ ගසකට නැග අඹරැල්ලා කඩමින් සිටිය දී එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකු විදුලි සැර වැදී මියගියේය.
ලලිත කලා අධ්‍යයනාංශයේ තෙවැනි වසරේ නර්තනය
විෂය අධ්‍යාපනය ලබමින් සිටි පී.එම්. ජයසිංහ

නමැති කැබිගොල්ලෑවේ පදිංචි මෙම සිසුවා ඇඹරැල්ලා කැඩීමට ගොස්‌ ඇත්තේ අච්චාරු හදා අලෙවි කර විශ්වවිද්‍යාලයේ කලා වැඩසටහනකට මුදල් සොයාගැනීමටය.

ඔහු ඇලුමිනියම් බටයක් සොයාගෙන එය කෙක්කක් ලෙස සකස් කර මිතුරු සිසුන්ද සමගින් ඇඹරැල්ලා ගසට නැගී ඇති අතර එම ගස ආසන්නයෙන් ගමන් කරන අධිබල විදුලි රැහැන ගැන අවබෝධයක් තිබී නැත. බටය පොළොවේ සිට මීටර් 9 ක්‌ පමණ ඉහළින් ගස අසලින් පවතින අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ ගැටී සිසුවා විසිව ගොස් ඇත්තේ අධික කම්පනයකිනි.

මිතුරන් ත්‍රීරෝද රථයක නංවාගෙන ඔහුව කිරිබත්ගොඩ රෝහලට ගෙනගියත් ඒවනවිටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් දන්වා තිබුණි.
කැබිතිගොල්ලෑව පසගොල්ල පදිංචිව සිටි මියගිය පැතුම් මධුෂාන් ජයසිංහ නමැති සිසුවා 23 හැවිරිදි වියේ පසුවූවෙකි. මරණ පරීක්ෂණය ඊයේ සවස රෝහලේදී සිදු කරන්නට නියමිතව තිබුණි.