යේ ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ මරණය සිදුවූ  ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙයි.
හේම නලින් විවාහකයෙකු වූ අතර එක් දියණියකගේ පියෙකි. නමුත් ඔහු මාලඹේ නිවසේ ජීවත්ව සිට ඇත්තේ තනිවමයි. එම නිවසේ උඩු මහලේ කාමරයක ඔහු වාසය කරද්දී අනෙක් කාමරවල
ඔහුගේ මාධ්‍ය ඇකඩමියට අයත් ගෝලයින් බෝඩිං කරුවන් ලෙස වාසය කර තිබේ.

මියයන විට වයස 55 ක් වූ හේම නලින් මහතා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වූ අයෙකු නොවන අතර ඔහු සිද්ධියට පෙරදා සන්ධ්‍යා කාලයේ සවස 6 ට පමණ මාළඹේ මිල්ල ගහවත්ත 3 වන පටුමගේ පිහිටි නිවසට පැමිණ ඇති බව සාක්ෂි වලින් අනාවරණය වී තිබේ. ඒ ඔහුගේ රාජකාරී කටයුත්තකට අනුරාධපුරයට ගිය ගමනකින් අනතුරුවයි.

පසුදා උදෑසන ඔහු පෙනෙන්නට නොතිබීම නිවසේ අනෙක් අයට සැකයක් ඇතිවුවද අනුරාධපුරයේ වෙහෙසකර ගමනින් පසු ඔහු නිදාසිටිනවා ඇතිය යන

විශ්වාසයෙන් ඔවුන් වැඩිදුර සොයා නැත. කෙසේ වෙතත් දහවල් 12 පමණ වනතුරුත් සද්දයක් නැතිවීම නිසා නිවසේ එම අවස්ථාවේ සිටි ගෝලයින් දෙදෙනෙකු අසල්වාසියෙකුද සමග එක්වී මේ ගැන සොයාබලන්නට කටයුතු යෙදිණි.

නිවසේ උඩු මහළේ වෙනම ප්‍රවේශයක් පැවති නිසා කාමරය වෙත ගමන් කිරීම අපහසුවූ අතර බාහිරින් ඉනිමගක් තබා ඔහු සිටි කාමරයේ ජනෙල තුළින් කාමරයට පැන ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර ඔවුන් හඳුනාගන්නා ලදි.

ඔහු කටින් සෙම පෙරාගෙන නිවසේ ඇඳ මත වැතිර සිටි බව නිරීක්ෂණ වාර්තා සඳහන් කරයි. මේ සිද්ධිය ගැන
කුමක් කළ යුතුදැයි සිතාගන්නට බැරිව ගිය ගෝලයින් දෙදෙනා හේම නලින් මහතාගේ බාල සොයුරුට දුරකථනයෙන් කතා කර ඒ බව දැනුම් දී ඇත. පසුව ඔහු පැමිණ සිද්ධිය පොලිසියට දැනුම් දීමට කටයුතු යෙදිණි.

පොලිසිය පැමිණ කාමරයේ දොර කඩා සිරුර රෝහල් ගත කරන්නට කටයුතු යෙදුණ නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා විය.
හේම නලින් මහතා විවාහකයෙකු වූ අතර එක් දියණියකගේ පියෙකි. ඔහුගේ බිරිය සරසවි ආචාර්ය වරියක වූ  ඉරේෂා කරුණාරත්නයි. (ඇය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ දියණියයි) කලක සිටම ඔවුන් ඔහු ළඟ සිටි බවක් වාර්තාවූයේ නැත.


මෙරට ජනමාධ්‍ය කලාවේ පුරෝගාමී වෙනසක් ඇති කළ හේම නලින් කරුණාරත්න මහතා මතුගම ගම් පළාත කරගත් අයෙකි.මතුගම ශාන්ත මේරියේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. විදේශගත පුහුණුවීම් රැසකින් පසු 1983 වසරේදී පුහුණු නිෂ්පාදකවරයෙකු ලෙස ජාතික රූපවාහිනියට බැදුණු හේම නලින් රූපවාහිනී සන්නිවේදකයෙකු, පිටපත් රචකයෙකු හා ගවේෂකයෙකු ලෙස  පුසිද්ධ විය.නිවැරදි භාෂා භාවිතය කෙරෙහි අතිශය සැලකිලිමත් වූ ඔහු , මාධ්‍ය ක්ෂේත්‍ර‍යට බිහි කළ සිසු සිසුවියන් ප්‍ර‍මාණය ද අති විශාලය.

පශ්චාත් මරණ පරීක්ෂණය අද කොළඹ ජාතික රෝහලේදී පැවැත්වේ
මෙම මරණය සිදුවූ ආකාරය ගැන පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය.