ඕනෑ ම සමාජයක සංස්කෘතික රාමුව තුළ බොහෝ සිද්ධි දාමයන් හා බැඳුනු නොවෙනස් වන මතවාදයන් පවති. “අතීතය තුළින් අනාගතය ගොඩනැගේ” යන කියමන අපි අතීතයේ සිටම ගෙනආ මතවාදයකි.

නමුත් යම් යම් අවස්ථාවන්හි අප එය භාවිත කරන්නේ සැබවින් ම අනුචිත අවස්ථාවට දැයි ගැටළුවක් පවති. වසර තිහක අමානුෂික යුද සමයකින් අපමණ පීඩාවට පත් ශ්‍රී ලාංකික ජාතිය තව දුරටත් එකී කුරිරු මතකයන් අනාගතයටත් රැගෙන යාමට උත්සහ දැරිම කනගාටුවට කාරණයකි.

අතීතයේ  හෝ වර්තමානයේ හෝ වේවා අප නිරන්තරව උත්සහගත යුත්තේ එහි පවතින යහපත් දේ පමණක් අනාගතයට රැගෙන යාමටයි. ඒ අරමුණ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙන වෙබ් පිටුවක් ලෙස Gen peace  සුවිශේෂ වන්නේ ඒ නිසාවෙනි.

යුගයක පැවති අරගලයෙහි උණුසුම හුදෙක් කුරිරු මතකයක් ලෙසම වැළලෙමින් පවතී. නව යුගයක් උදා වි අනාගත පරපුර සුභ සිහින දකිමින් සිටී. සියල්ල යහපත් ලෙස විසඳමින් පවතින මොහොතක අප තවදුරටත් භීෂණයක යට ගියාවට ආවැඩිම අනුවණ ක්‍රියාවකි. සැබවින් ම යුද්ධය කුමක්දැයි නාම මාත්‍රිකවත් නොදන්නා අවිහිංසක පරපුරකට බලෙන්ම එය දායාද කිරීමට තරම් අප අමානුෂික නොවිය යුතුය.

ජාතිය, ආගම ලෙස පසුකාලීනව ගොඩනගාගත් පවුරු පදනම් මත සමාජීය ගැටළු විවරණය කරන්නට යාමෙන් මේ තත්වය උදාවේ. යුද්ධය හා පර්යාය වූ කිසිවක් පිළිබඳව කිසිදු අදහසක් හෝ නොමැති අනාගත දරු පරපුරේ කියවීම මේ රූපරාමු හරහා මනාවට දැකගත හැකිවේ.

ඔබත් මේ හා එක්වන්න. www.bit.ly/GenPeacePledge