ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.

රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.

ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම අලෙවි කරන ගෑස් සිලින්ඩර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සංශෝධනය වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.