වසර 4 කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට 14 සිට පුරා මාසයක කාලයක් රුසියාවේදී පවත්වන්නට නියමිතය.

මෙවර තරගාවලියට ලෝකයේ රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 32 ක් එක්වන අතර තරගාවලිය රුසියාවේ මොස්කව් ,ශාන්ත පිටර්ස් බර්ග් , සොචි ඇතුළු ස්ථාන 12 කදී පැවැත්වේ.
මුලින්ම ඒ සිට එච් දක්වා  කණ්ඩායම් ගත කළ

මූලික වටයේ තරග පැවැත්වෙන අතර ඉන් කණ්ඩායම් 8 ක් තෝරාගෙන අර්ධ අවසන් පූර්ව තරගත් ඉන් 4 ක් තෝරාගෙන අවසන් පූර්ව තරගත් පවත්වනු ඇත. ජූලි 14 වනදා 3 වැනියා තේරීමේ තරගය හා ජුලි 15 වනදා කුසලානය හා අනුශුරතාව දිනන කණ්ඩායම තේරීමේ අවසන් තරගය පවත්වනු ඇත්තේ මොස්කව් නුවරදීය.
දැනට මෙම තරග සම්බන්ධයෙන් සූදු කරුවන් තබා ඇති ලන්සු අනුව ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වන්නට වැඩිම ඉඩකඩ ඇත්තේ තරගාවලියේ සත්කාරක රටවන රුසියාව බවටද වාර්තා පළවේ.
තරග වදින රටවල් ලැයිස්තුව පහත පරිදිය.