ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් හි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ බග් එකක් තමන් මැඩ පවත්වන්නට කටයුතු යෙදූ බව එම ආයතනය දන්වා තිබේ.

පරිශීලකයන්

තම මිතුරන්ට පමණක්  frends only යටතේ ඉදිරිපත් කරන සටහන් ඕනෑම අයෙකුට දැන ගැනීමේ හැකියාව ඇති පරිදි public ලෙස දර්ශනය වීම මෙමගින් සිදුව තිබුණ අතර පසුගිය මැයි 18 වනදා සිට 22 දා දක්වා මෙම නිරාවරණය සිදුවූ බවත් 22 දිනයේ මේ ගැන ලැබුණ පැමිණිලි මත ෆේස්බුක් ආයතනය ඒ ගැන සොයා බලද්දී මිලියන 14 කට මේ අවදානම හඳුනාගන්නට ලැබුණ බවත් වාර්තා කර ඇත.
ඒ අනුව එය යථා තත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කර 27 වනදා වනවිට මුළුමණින්ම පාහේ විසඳු බවද දන්වා ඇත.