කතරගම කිරිවෙහෙර විහාරස්ථානය අසල රැඳී සිටි අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු එම විහාරස්ථානයේ විහාරාධිපති  කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමක් සිදු කර ඇතැයි ඊයේ 12 රාත්‍රී වාර්තා විය. වෙඩි පහර නිසා
උන් වහන්සේ සහ

ඒ අසළ සිටි තවත් ස්වාමීන් වහන්සේ නමකට තුවාල සිදුව ඇති අතර අවට සිටි පිරිස එක්වී වහා උන් වහන්සේලා රෝහල් ගත තර ඇත.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායකද වන කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් හට වෙඩි ප්‍රහාරය එල්ල  කිරීම සිදු කළේ කවුරුන්ද යන්න තවම අනාවරණයවී නැති අතර
පොලිසිය සඳහන් කරන්නේ කිරිවෙහෙර විහාරස්ථානය අසලදී නාදුනන පුද්ගලයන් වෙඩි ප්‍රහාරය
එල්ල කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්වය ප්‍රයෝජනයට ගෙන මෝටර් රථයකින් පැන ගොස් ඇති බවය.
සිද්ධිය නිසා තුවාල ලද විහාරාධිපති ස්වාමින් වහන්සේ  සහ කතරගම සෝභිත නම් ඇති හිමිනම
දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතරුව හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.