අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විභාග උත්තරපත්‍ර ඇගයීම විභාග පවත්වන නිවාඩු කාලය තුළ
දීම සිදු කිරීමට

යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්තියට උසස්වීම් ලැබූ විදුහල්පතිවරුන් 85 දෙනෙකුට උසස්වීම් ලිපි ලබා දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.
විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් හේතුවෙන් සිසු දරුවන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමටත් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යොදාගන්නා පාසල් වසා තැබීමේ කාලය අවම කිරීමටත් ඊළග පාසල් වාරය ආරම්භයේ සිට ම ගුරුවරුන්ට තම පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටත් මේ මගින් හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.