ගම්පොළ ප‍්‍රදේශයේ පාසල් තුනක සිසුන් අතර තිබූ පෙම් හබයක් දුරදිග ගොස් පෙම්වතිය අයිතිකර ගැනීමට නොහැකිව ඇතිවූ බව කියන සිද්ධියක් සමග ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ
රෝහලට ඇතුළත් කළ බව ගම්පොළ පොලිසිය කියයි.
මෙම ගැටුම පෙරේදා (13) සවස ගමිපොළ බස්නැවතුම්පොළේදී සිදුවී ඇති අතර එහිදී මෙම සිසුවා තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. ගැටුමට මුල්වූ සිසුන් හත්දෙනෙකු පිළිබඳව ගම්පොළ
පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර

රෝහල්ගත සිසුවාගේ රෝගී තත්ත්වය මත ඔවුන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.
පාසල නිමවී අතිරේක පන්තිවලට සහභාගි වූ මෙම සිසුන් නැවත නිවස් බලා යෑමට ගමිපොළ බස්නැවතුම්පොළට පැමිණීමෙන් පසු විශාල පිරිසක් මැද සිසුන් ගුටිබැට හුවමාරුවට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ගමිපොළ ප්‍රදේශය පාසලක 11 වසර ඉගෙනුම ලබන පෙම්වතිය බව කියන සිසුවිය මම ගුටි හුවමාරුවට මුල්වූ සිසුවකු සමග ප්‍රේම සමිබන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය ගැන බලාපොරොත්තුව සිටි වෙනත් පාසලක සිසුවකු ඇය තමන්ට අහිමි වීම සම්බන්ධයෙන් තම මිතුරන්ට පැවසීමත් සමග මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇති බව පොලිසිය කියයි.
ගමිපොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විකුම් ගිණිගේ මහතාගේ උපදෙස් මත ගළපාළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ආර්. ජයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.