රැකියා ලබාගැනීම් සඳහා අයදුම් කරන රැකියා විරහිත උපාධිධාරින් පුහුණු කිරීමේ වයස අවුරුදු 35 ට අඩු වියයුතු බවට පනවා තිබූ නීතිය ලිහිල් කර එය 45 දක්වා වෙනස් කරන්නට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්

සැලකිල්ලට ගෙන මෙම වෙනස සිදු කර තිබේ.
ලබන ජුනි මාසයේ 5000 ක් දෙනා සහ සැප්තැම්බර් මාසයේ 15000 ක් දෙනාට පුහුණු පත්වීම් ලබාදීමටද
පුහුණු කාලය තුළදී 20,000ක මාසික දීමනාවක් ලබා දීමටද නියමිතය.

උපාධි සම්පූර්ණ කරන තවත් අය 2019 වසරේ අදියර 3 කින් බඳවා ගන්නටද රජය තීරණය කර ඇත.
පසුගිය කාලයේ මෙම උපාධි ප්‍රශ්න මුල්කරගෙන පැවතී උද්ඝෝෂණ නිසා කොළඹ අවට රථවාහන තදබදයන්ද ඇතිවූ අතර මෙම දීමනා අනුව ඔවුන් සෑහිමට පත්වනු ඇතැයි රජය බලාපොරොත්තුවේ.