2020දී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තමන්ට ගැටලුවක්ද, අවශ්‍යතාවක්ද නොමැති බවත්, පක්ෂයෙන්
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් ගෝඨාභය රාජප්පක්ෂ මහතා අද (14දා) මහනුවරදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා

මෙසේ පැවසුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් හමුවීම සඳහා ඊයේ මහනුවරට පැමිණි අවස්ථාවේදීය.

ඇමරිකානු තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට ඒමට ඉඩ නොදෙන බව පවසා ඇතැයි යන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මේ බව කීය.එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත්, ඇමෙරිකානු තානාපතිවරයාද එතරම් පහත් තත්ත්වයකට වැටෙනු ඇතැයි තමා විශ්වාස නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසානයේ රජයේ හමුදාවලට බාර වූ 13,000කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කොට සිවිල් ආරක්ෂක බළකායට බඳවාගත්තේ තමන් විසින් බවත්, එවන් ආකාරයට

සංහිඳියාව ඇති කිරීමට තමන් ඇතුළු එවකට සිටි නිලධාරීන් කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම මේ රජය. රාජපක්ෂවරුන්ගෙන් සහ පසුගිය ආණ්ඩු සමයේ සේවය කළ නිලධාරීන්ගෙන් පළිගැනීම හැර වෙනත් දෙයක් රටට නොකරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.