වැලිකඩ බන්ධනාගාරයේ නිවාස නිවාඩු ලබාගොස් ඇති සිරකරුවන් පිරිසක් අතරින් දෙදෙනෙක් දැනට සති කීපයක් ඉකුත් වී තිබියදීත් ආපසු පැමිණ නැතැයි එම බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණය කරයි.


සිය සිරදඬුවම් කාලය ගතවීමට වසර 5ක් තිබියදී යහපත් ක‍්‍රියාව නිසා දින 7ක නිවාස නිවාඩුවක් සඳහා පුනරුත්ථාපන නිලධාරින් විසින් නිර්දේශ කරන ලද මෙම සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට දැනුම් දී ඇතැයි ද බන්ධනාගාර මුලස්ථානය පවසයි.
සෑම මසකට වරක්ම යහපත් ක‍්‍රියාවෙන් යුත් සිරකරුවන්ට තම සිරදඬුවම් කාලයෙන් අඩක් පමණ අවසන් කර ඇති අවස්ථාවක මෙම නිවාස නිවාඩු සඳහා නිර්දේශ කිරිම සිදු කෙරේ.
මෙම සිරකරුවන් බන්ධනාගාර මණ්ඩලයක් මගින් තෝරා ගැනෙන අතර සාර්ථකව නිවාඩුව අවසන් කර ආපසු පැමිණෙන සිරකරුවන්ට යළිත් එවැනි අවස්ථාවක් හිමිවන බව ද බන්ධනාගාර මුලස්ථානය කියයි.
නිවාස නිවාඩු ගනකර ආපසු නොපැමිණෙන සිරකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙවීමට ඇති ඉතිරි මුළු සිර දඩුවම් කාලය ගත කිරීමට දඩුවම් වශයෙන් සිරදඬුවම් කාලය දීර්ඝ වීමටත් ඉඩ ඇතැයි ද වාර්තා වේ
2017 ඛන්ධනාගාර වාර්ෂික වාරිතාවට අනුව 2016 වසරේ දි නිවාස නිවාඩු ලබා ඇති පිරිස 589 දෙනෙකි.