තමන් පදවා ගිය ත්‍රීරෝද රියෙන් ඇද වැටුණු කාන්තාවක රෝහල් ගත කරන බව පවසා රැගෙන ගොස් පසුව පොලිසියට හසුවීමේ බිය නිසාදෝ ඇයව බරපතල තුවාල සහිතව මහමග දමා ගිය බව කියන ක්‍රීොර්ද රියදුරෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මතුගම ප්‍රදේශයේ කලබලකාරී තත්වයක් පෙරේදා ඇති විය.

පසුගිය වෙසක් පොහොය දින ත්‍රිරෝද රථයකින් සිය නිවස බලා ගමන් කරමින් සිටි 26 හැවිරිදි දෙදරු මවක එම ත්‍රිරෝද රථයෙන් ඇදවැටීමෙන් පසු එම  රථයේ රියදුරු විසින් ඇයව රෝහල්ගත කරන බව පවසා රැගෙන ගොස් මහමග දමා ගොස් තිබේ. පසුව පොලීසිය විසින් ඇයව රෝහල්ගත කළද, අධික රුධිර වහනය හේතුවෙන් අදාළ කාන්තාව මිහිගොස් ඇති අතර, පසුව  ප්‍රදේශවාසීහු ඇයගේ දේහය පෙරේදා (01දා) සවස මතුගම නගර මධ්‍යයේ තබාගෙන උද්ඝෝෂණයක නිරත වූහ.

අදාළ කාන්තාව පසුගිය (29දා) මතුගම  නිවසක සේවය කර

සවස හතරට පමණ බස් රථ ධාවනය නොමැති හෙයින් මතුගම සිට වාහවත්ත උඩ කොටස දක්වා ත්‍රිරෝද රථයකින් ගමන් කර ඇති අතර, මතුගම, දෙහිගස්මුල්ල මංසන්ධිය අසලදී ඇය ත්‍රිරෝද රථයෙන් ඇදවැටී ඇත. එම අවස්ථාවේදී අසල්වවාසීන් ඇය පැමිණියේ ත්‍රිරෝද රථය නවතා ඇති අතර, එහි රියදුරු  විසින් තුවාලකාරියව රෝහලට රැගෙන යන බව පවසා රථයට නංවාගෙන මතුගම නගර මධ්‍යයේ මාර්ගයක දමාගොස් තිබියදී  මතුගම පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇය රෝහල්ගත කර තිබිණි.

තුවාලකාරීයගේ හිස ප්‍රදේශයේ ඇතිව තිබූ තුවාලය හේතුවෙන් අධික ලේ වහනය නිසා වහාම නාගොඩ මහ රෝහල වෙත යැවීමට රොහල් කාර්යමණ්ඩලය කටයුතු කර ඇත. නාගොඩ රෝහලේදී තුවාලකාරිය මියගොස් ඇත්තේ අධික ලේ වහනය වීම නිසා බව මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ.
මේ අතර, පෙරේදා (01දා) සවස මරණකාරියගේ මෘත දේහය රැගත් අසල්වාසීන් මතුගම ඔරලෝසු කණුව අසල දේහය තබා උඝෝෂණයක නිරත වූ අතර, අදාළ ත්‍රිරෝද  රථ රියදුරු වහාම අත්අඩංගුවට ගන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා රැස්ව සිටි පිරිස අමතා ඔවුන්ව සමථයකට පත්කර විසිරුවා හැරීමට කටයුතු කළේය. මෙම අනතුර සිදු වූ ස්ථානයේ පිහිටි වෙළෙඳ සැලක සවිකර තිබූ ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී) දර්ශන උපයෝගී කරගෙන පලාගිය.  ත්‍රිරෝද රථය හා රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරමිභ කර ඇතැයි පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.