කොස්ගොඩ, දෙටු ජනපදය ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රි කාලයේ ඇතුළු වූ සොරෙකු අතවර සිද්ධියකට හා සොරකම් කිරීමේ චෝදනාවකට ලක්ව සිරගතවී තිබේ.
ඔහු සිද්ධිය වූ දිනයේ කවුරුත් නැති බවට සලකුණු හඳුනාගත් නිවසක් තෝරාගෙන එම නිවසට ඇතුළුවී
ඇත්තේ වටිනා කියන භාණ්ඩ සොරාගැනීමේ චේතනාවෙන් වුවත් ඔහුට එහිදි කාමරයක නිදාසිටි 16 හැවිරිදි දැරියක මුණගැසී තිබේ. ඇය බියගන්වා අතවර කිරීමට පසුව සිත පහළවී තිබේ.
 නිදා සිටි දැරියට අවදිවූ වහා ඇයව මරා දමන බවට බියගන්වන ලද සොරා ඇයට ලිංගික අතවර කර

තිබෙන අතර එසේ කර අවසානයේ මට මොකවත් වටින දෙයක් දෙන්න යයි ඉල්ලා ඇත. දැරිය නිරුත්තරවී සිටි අවස්ථාවේ කාමරයේ තිබුණ අල්මාරි ඇද වටිනා රන් මුදුවක් සොටයාගත් සොරා එය සොරකම් කරගෙන පළා ගොස්  තිබේ.
දැරියගේ ප්‍රකාශය හා අවට නිවෙස්වල සීසීටීවී පරීක්ෂාව මගින් කොස්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට  ගන්නා ලද අතර සැකකරුට එරෙහිව උද්ධෘත හා පැමිණිල්ලක් ගොනු කරන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා 21දා නියෝග කළේය.
 නැවත 2018 අගෝස්තු 01 දින නඩු කැඳවන බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් බන්ධනාගාර ගත කළේය.