රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය හතරකට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ජාතික රූපවාහිනය, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සැලසිනේ
ආයතනයට මෙසේ අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇත. ගුවන් විදුලි සංස්ථාව හැරෙන්නට අනෙකුත් ආයතන තුන සඳහා නව සභාපතිවරියන් තිදෙනෙක් පසුගියදා පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේය.

ජාතික රූපවාහිනය
සභාපති – ඉනෝකා සත්‍යාංගනී මහත්මිය
ක්‍රියාකාරි අධ්‍යක්ෂ – නවාස් මොහොමඩ් මහතා

අධ්‍යක්ෂ – සාරංග විජේරත්න මහතා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
සභාපති – සිද්දික් ෆාරුක් මහතා
ක්‍රියාකාරි අධ්‍යක්ෂ – ආචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ් මහතා
අධ්‍යක්ෂ – නීතිඥ නවීන් ශානක මහතා
අධ්‍යක්ෂ – මහේෂිනී කොලොන්නේ මහත්මිය
අධ්‍යක්ෂ – සමන් මුතුකුමාරණ මහතා

ස්වාධීන රූපවාහිනිය
සභාපති –  තිලකා ජයසුන්දර මහත්මිය
ක්‍රියාකාරි අධ්‍යක්ෂ –  විමල් කැටෙපෙආරච්චි
අධ්‍යක්ෂ – නලින් අපෝන්සු මහතා
අධ්‍යක්ෂ – නීතිඥ මෙත්සිරි පරණවිතාන
අධ්‍යක්ෂ – සෙරීනා පීරිස් මහත්මිය
අධ්‍යක්ෂ – සුභාෂ් පින්නපොල මහතා

සැලසිනේ ආයතනය
සභාපති  - උමා රාජමන්ත්‍රී මහත්මිය
අධ්‍යක්ෂ – තුෂාර වන්නිආරච්චි මහතා
අධ්‍යක්ෂ – යුරේකා වේලාරත්න මහත්මිය