සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ 58 වන උපන් දිනය වෙනුවෙන් පැවැති පින්කම් මාලාව අතර බෞද්ධ සිත් මෛත්‍රියෙන් සහජීවනයෙන් ඔප්නංවන හැගිම්බර
වූ පුණ්‍ය

කටයුත්තක් ගැන වාර්තා පළව තිබේ.

  ඒ පුණ්‍ය භූමියට යාබද ගමවූ තෝපූර් සෙල්වනගර් මුස්ලිම් ගම්මානයේ මහ පල්ලියේ සභාපති කේ. අයිදුරින් මහතා හා ඉස්ලාම් භක්තිකයන් පිරිසක් පැමිණ නා හිමියන් ගේ උපන් දිනයට තැග්ගක් ලෙසින් මුළු සේරුවාවිල පූජා භූමිය ම ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පවත්වා තිබුණි. රටක විවිධ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරමින් කටයුතු කිරීමට ඉඩ ලැබීම ඔවුන් අගය කර තිබුණි.