මේ දිනවල කථාබහට ලක්ව තිබෙන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යෙය් චරිතයක මාරුව සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සතිඅන්ත පුවත්පතකට මෙසේ පවසා තිබේ.


බිමල්ගේ ඉවත්වීම

ගැන පළවන කටකතාවල පදනම කුමක්ද?

“රවි මිය ගියේ ඇත්තටමයි. දෙවැනි ඉනිමට ආයේ රවි එන්නේ නැහැ. ඒක ස්ථීරයි. ඒත් බිමල් අයියා හා අප අතර ඇති සුහදත්වය ඒ වගේමයි. ඔහු ඒ සුහදත්වයෙන්මයි සමුගත්තේ. ඔස්ට්‍රේලියා යා යුතු හින්දා මේ තීරණය ගත් බවයි බිමල් අයියා අපට කිව්වේ. වෙනත් නාලිකාවකින් ඔහුව මිලට අරගෙන නාට්‍යය වට්ටන්න මේ සැලසුම කළ බවට පැතිර යන පුවත් මමත් දැක්කා. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ. බිමල් අයියා ගොඩක් හොඳ කෙනෙක්. කීයටවත් ඒ වගේ පහත් වැඩක් කරන්නේ නැහැ. හැබැයි අපේ නාට්‍යය වැටෙනතුරු බලා ඉන්න නාලිකා නම් තියෙනවා. කුහකයින්ගේ ඔය මඩ ප්‍රචාර ගැන අපි සැලෙන්නේ නැහැ. “