දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය යේ බෝඩිං ඇන්ටි ලෙස රඟන  සංගීතා තදානි  යශෝධරා චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමිය ලෙසිනුත් රඟපෑවාය. ඇය ඇගේ පුද්ගලික තොරතුරු පුවත්පතකට මෙසේ පවසා තිබේ.
ඔබට සිංහල භාෂාව වගේම හින්දි භාෂාවත් හොදටම හසුරුවන්න පුළුවන් කියන්නේ ඇත්තක්ද ?
ඔව්.

මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්දියානු ජාතිකයන්. මට ලංකාවේ වගේම ඉන්දියාවෙන් පුරවැසිභාවය තියෙනවා. ඒත් දැන් මම පදිංචි වෙලා ඉන්නේ නම් ලංකාවේ. ඒත් මගේ සහෝදර සහෝදරියන් ඉන්නේ ඉන්දියාවේ. ඒ නිසා නිතරම මම ඉන්දියාවට ගිහින් පවුලේ අයගේ සැප දුක බලලා එනවා.

මොනවද ඔබේ පෙඃද්ගලික ජීවිතේ තොරතුරු ?
මම විවාහ වෙලා ඉන්නේ හිටපු ලංකා රගර් කැප්ටන් ප්‍රදීප් බස්නායක සමගයි. මට ලොකු පුතෙක් ඉන්නවා. මම වෘත්තියෙන් ගුරුවරියක්. රංගනය මගේ වෘත්තීය නොවුණත් මම රංගනයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. නිදහස ලැබෙන හැම වෙලාවේම කලාව වෙනුවෙන් යමක් කරන්න කැමැතියි.

දිනේෂ් විතාන