අද 15 උදෑසන 3.15 ට පමණ දිවයින පුරා ස්ථාන ගණනාවක විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. අධි රැහැන් පද්ධතියක ඇතිවූ දෝෂයක් මත මෙම බිඳවැටීම සිදුව ඇති බවට විදුලි බල මණ්ඩලය වාර්තා කර තිබේ.
බියගම-පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ  මෙම තත්ත්වය හටගෙන ඇති බව පැවසෙයි.
ජයවර්ධනපුර, බත්තරමුල්ල, පන්නිපිටිය, දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
උදෑසන විදුලිය බිඳ වැටීම නිසා කාර්යාල කටයුතු වලට අසීරුතා පැනනැගී තිබේ.