අධි පොසොන් පෝය නිමිත්තෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ දෙමළ මාධ්‍ය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දෙමළ භාශාවෙන් ධර්ම දේශනාවක් හැටන් ඩි.කේ වීරතුංග සංස්කෘතික ශාලාවේදි ඉකුත් 28 වන දා පැවැත්විය.

මෙරට ප්‍රථම දමිළ ජාතික සංඝයාවහන්සේ වන බගවන්තලාවේ

රාහුල ස්වාමින් වහන්සේ විසින් ධර්මදේශනාව පැවැත්වු අතර හින්දු ආගමික දරු දැරියන් තුල බෞද්ධ දර්ශනය පිළිබදව අවබෝධයක් ලබා දිමත්,ආගමික හා සංස්කෘතික සහජීවනය ඇති කිරිමත් මෙහි අරමුණ විය.
හැටන් නීගෝධාරාම විහාරස්ථානාධිපති මැදරට ප්‍රධාන සංඝනායක ,දර්ශනපති මහගම විමල නායක හිමියන්ගේ අනුශාසනා පරිදි හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් මෙම ධර්මදේශනා පිංකම සංවිධානය කරන ලදි.
එම අවස්ථාවට නිග්‍රෝධාරාම විහාරවාසි පන්ඩිත ඔමන්තේ ධිරානන්ද ස්වාමින් වහන්සේ ,තරණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් හා හැටන් ග්‍රේබ්‍රිල්,හයිලන්ඩ්ස් සහ බොස්කෝ විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගිවි සිටියහ.

හැටන් - චන්දන ජයවීර