මැලේසියාවේ නව අගමැති මහතීර් මොහොමද් බලයට පත්වීමෙන් පසු ඔහු එරට හිටපු අගමැතිවරයාගේ දූෂණ වලට දඩුවම් ලබාදෙන බවට ලබාදුන් මහජන පොරොන්දුව ක්‍රියාත්මක කිරීම අරඹා තිබේ. ඒ අනුව හිටපු
අගමැති නජීබ් රසාක් සහ

ඔහුගේ බිරිඳ රොස්මා මන්සූර්ට රටින් පිටවීම තහනම් කර ගුවන්තොටුපළ අවහිර කිරීමේ නීතියක් පනවා ඇතිබව වාර්තා වනවා.
හිටපු අගමැතිවරයාට මූල්‍ය දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබී ඇති අතර, ඒ පිළිබද පරීක්ෂණ ඔහුගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක නොවීම මත 1957 සිට පැවති පක්ෂයෙන් බලය උදුරාගෙන නව පක්ෂයකට බලය ලබාදෙන්නට මහතිර් මොහොමද් සමත් විය.

හිටපු අගමැතිවරයා සිය ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවලට සටහන් එක් කරමින් සඳහන් කර
ඇත්තේ තමාට සහ පවුලේ සාමාජිකයන් රටින් පිටවීම බලධාරීන් විසින් වළක්වා ඇත්තේ ආගමන විගමන නීති නිසා බවයි.