බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි
පකිස්ථානු රජය විසින්

ලබාදුන් තක්ෂිලා නුවරින් වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය මේ මස 5 වන දින පෙ. ව. 8.00 සිට 6 වන දින පෙ. ව. 6.00 දක්වා ගාල්ල, බටගන්විල, තලාහේන ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන බවදන්වා තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සහ සංවිධානයෙන් මෙය සිදු කෙරේ.