රුපියල් කෝටි ගණන් වංචා සිදුකළ පුද්ගලයන් නිදැල්ලේ සිටියදී රජයේ වාහනයක් අවභාවිතා කළ බව කියමින් ටී.බී. ඒකනායක මහතා FCID යට කැඳවීම තෝරුන් මෝරුන් සිටියදී හාල්මැස්සන් පස්සේ යාම වැනි
වැඩක් බව

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අද අම්බලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ටී.බී. ඒකනායක මහතාට වඩා බරපතල වංචා සිදුකළ පුද්ගලයන්‍, මහජන දේපල හොරා කෑ පුද්ගලයන් වත්මන් ආණ්ඩුවේ මෙන්ම පැවති ආණ්ඩුවේද ඕනෑ තරම් ඉන්නවා රජයේ වාහනයක් පස්සේ යාම හරි ගැටලුවක්. විශාල වංචා-දූෂණ පිළිබඳව සිදුකරන පරීක්ෂණවල යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා.  එවැනි තත්වයක් තුළ වාහනයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීම ජනතාවට ද ප්‍රශ්නයක්.