දඹුල්ල රාජමහා විහාරයේ විනාශ වෙමින් පවතින  චිත්‍ර මුර්ති  ආදිය රැක ගැනිමේ අරමුණ ඇතිව එහි ප්‍රතිසංස්කරණ වැඩ පසුගිය කාලයේ සිදුවුවද 2017 ජුලි මාසයේ නවතා දමා තිබුණි. ඒ ගැන රජයේ අවධානය යොමුවී නැවත ලබන සඳුදා 21 සිට අරඹන්නට කටයුතු යොදා ඇත.


අස්ගිරි මහානායක හිමියන් විහාරයේ  අධිපති ගොඩගම මංගල හිමියන්  ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් නව සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ   දඹුල්ල රජමහා විහාරය නිරික්ෂණය කිරීම පසුගියදා සිදුවිය.
වාර්තාව - මහින්ද උදයසිරි රත්නායක