බ්‍රසීල ජනපති මයිකල් ට්‍රෙමර්ගේ බිරිඳ ජනපති ආර්යා මාර්සෙලා, විලක ගිලෙමින් සිටි බල්ලකු බේරා ගත් බව විදෙස් පුවත් සේවා පෙරේදා (7) වාර්තා කළේය.
මෙය සිදුවී ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදාය. කෙසේ නමුත් බ්‍රසීල පුවත් සේවා මේ බව දැනගෙන ඇත්තේ පෙරේදා (7) දිනයේය. අප්‍රේල් 22 වැනිදා ඡනපති ආර්යාව මාර්සෙලා ඇගේ පුතා මිචෙල්සින්‍ සමඟ ඡනපති මන්දිරයේ ගෙවත්තේ සක්මන් කරමින් සිට ඇත.

ගෙවත්තට ඔබ්බෙන් පිහිටි විලට වැටී ඇත්තේ ජැක් රසල් වර්ගයේ කුඩා බල්ලකි. බල්ලා විල අසල ගැවසෙන අයුරු මාර්සේලා දැක ඇත. ඌ වලට වැටී පිහිනීමට නොහැකිව ගිලෙද්දී. ආර්යාව ඒ බව ජනපති

ආරක්ෂක නිලධාරියකුට දත්වා ඇති නමුත් ඔහු කිසිඳු තැකීමක් කර නැත. එහෙයින්, ජනපති ආර්යාව වහා දිවගොස්, ඇඳ සිටි ඇදුම් පිටින්ම විලට පැන බල්ලා බේරාගෙන ඇත.
හිමිකරුවකු නොසිටි එම බල්ලා මේ වනවිට ඡනපති මන්දිරයේ සාමාජිකයකු බවට පත් වී ඇත. ඡනපති ආර්යාව ඌ "පිකොලි" යනුවෙන් නම් කර ඇත. "පිකොලි" ජනපති මන්දිරයට එක් වුණු දෙවැනි බලු සුරකලාය. "තෝර්" නමින් බලු සුරතලෙකු ද ඡනපති මන්දිරයේ සිටි. තෝර් ගෝඩ්ලඩ් රෙට්රිවර් වර්ගයේ බල්ලෙකි. තෝර් සහ පිකොලි හොඳ මිතුරන් යැයි ද බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි.
බල්ලා විලට වැටුණු දැක ඌ බේරා ගැනීම ප්‍රතික්ෂේප කළ ඡනපති ආරක්ෂක නිලධාරියා සේවයෙන් නෙරපා ඇතැයි ද වාර්තා වේ.