සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියකින් ගමන් ගත් කාන්තා පොලිස් නිලධාරීනියකට දින කීපයක් තිස්සේ නිරුවත ප්‍රදර්ශනය කළ බව කියන පෞද්ගලික සමාගමක කළමනාකරුවකු ඉමදුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.

  වැඩිදුර

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පොලිස් නිලධාරීනිය තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එම යතුරුපැදියට සමාන්තරව මෙම සැකකරු ඔහුගේ යතුරුපැදියේ ගමන් කර මෙම ක්‍රියාව සිදුකර ඇති බවය. සැකකරුගේ යතුරුපැදි අංකය සටහන් කරගත් පොලිස් නිලධාරීනිය ඉමදුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. යතුරුපැදි අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

  ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.