රට වෙනුවෙන් වැඩ ගොඩක් කරන්නට ඉතිරි වී ඇති නිසා 2020 තමා විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (7) පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මඩකලපුවේදී පැවැත්වූ මැයි
දින රැලියට

එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
‘සමහරු අද මගෙන් අහනවා 2020 දී මම විශ්‍රාම යනවද කියලා. සමාජ ජාල වෙබ් අඩවිවලත් එවැනි දේ පළවෙනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා.
අද සමහරු 2020 දී ආණ්ඩු හදන්න සිහින දකිනවා. අපේ ආණ්ඩුවේ ඉන්න අයත් ඒ ගැන කතා කරනවා. දූෂණයෙන්, වංචාවෙන් තොර අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙන ලෙස මා ඒ සියලු දෙනාට ආරාධනා කරනවා.‘