11 වන වරටත් පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය චෙන්නායි සුපර් කින්ග්ස් පිල ජයග්‍රහණය කරන ලදි. සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර
මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉරිදා පැවති අවසන් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියමිත

පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර
ලකුණු 179 ක දැවැන්ත ඉල්ලක්කයක් හඹා 2018 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හිමි කරගත්තේය.ශේන් වොට්සන් පන්දු 57 ක් තුලදී නොදැවී ලකුණු 117 ක් ලබා ගත්තේය.
මුදලට තරඟ පාවා දීමේ හේතුකොටගෙන චෙන්නායි සුපර් කිංග්ස් හා රාජස්ථාන් රෝයල් කන්ඩායමට 2016 හා 2017 වසරේ IPL තහනම් වූ අතර, වසර දෙකක තහනමින් පසු පැමිණ මෙසේ ශූරතාවලිය දිනා ගැනීම විශේෂ සිද්ධියකි.

IPL ශූරතාවලිය දිනා ඇති කණ්ඩායම් හා වාර ගණන
චෙන්නායි සුපර් කිංග්ස් – 3
මුම්බායි ඉන්දියන්ස් – 3
කොල්කටා නයිට් රයිඩස් – 2
සන්රයිසස් හයිද්‍රාබාද් – 1
රාජස්ථාන් රෝයල් – 1
ඩෙකන් චාජස් – 1