ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් කිසිම ක්‍රීඩාවක් නොලැබූ තරම් ලක්ෂ 60000 ක ඉහළ ආදායමක් ලබාගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත්වූ බව 2017 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්තාව ඉදිරිපත්
කරමින් පසුගියදා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන ලදි.

විනිවදභාවයෙන් යුතුව, මූල්‍ය විනය ආදර්ශයෙන් පෙන්වා දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරම් ජාත්‍යන්තරය ජයගත් වෙනත් කිසිම ආයතනයක් නැති බවත් එහිදී විස්තර විය.එහිදී ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රිකට් පරිපාලනයද, ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ලද බව ප්‍රකාශ විය.
 2017 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්තාව එළිදැක්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍යයට නිකුත් කළ වීඩියෝව පහත පරිදිය.