මං බලා ඉද්දිමයි දුව ගිලුනේ
වතුරෙ ගහගෙන යන හීනෙ ගැන කිව්වම
ෂූටින් වලදි ඕවා පුරුදුයි කියල එයා කිව්වා

-මියගිය තුෂානිගේ පියා

පසුගියදා කිතුල්ගල සංචාරයකට සහභාගිවී සිටියදී කැළණි ගඟේ ගිලී මියගිය ටෙලි නිළි තුෂානි
මියගිය ආකාරය සම්බන්ධයෙන් ඇගේ පියා ලෙස්ලි මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

‘අපි මේ ගමන පිටත් වෙන දවසේ උදේම බිරිය කීවා මම වතුරේ ගහ ගෙන යන දරුණු හීනයක් දැක්කා කීයලා. ඒනිසා අපි වෙන  දවසක මේ ගමන යමු කීයලා. එතකොට මියගීය දුව කිව්වා අම්මට පීස්සුද
මම ෂූටින් යනකොට ලංකාවේ හැම තැනම නාන්න ගිහිල්ලා තීයෙනවා. ඒ නීසා අම්මා බය නැතිව ඉන්න කියලා . අපි මෙම ගමන පිටත් වුණු වෙලාවේ ඉදලා විවිධ බාධාවන් ඇති වුණා. අපිට 16 වෙනිදා තමා නුවරින් කිතුල්ගල එන්න පිටත් වුණේ. ඒ ඇවිල්ලා කිතුල්ගල ප්‍රදේශයේ හෝටලයක නතර වෙලා 17 වැනිදා තමයි බෝට්ටු පදින්න ගියේ. මමයි බිරිදයි බෝට්ටු පදින්න ගියේ නැහැ. දුවලා දෙන්නා ඇතුළු තවත් කීපදෙනෙක් ගියා. එහෙම ගිහිල්ලා අපි නතර වෙලා ඉන්න හෝටලයට මේ අය බෝට්ටු පැදලා ආවා. ඉන් පසු අපි ගෙනාපු බඩු ටිකත් වාහනයට පටවලා හෝටලයේ බිලත් ගෙවලා

එන්න පිටත් වෙන්න හැදුවාම් මියගිය දුව කිව්වා මට තව පොඩ්ඩක් ඇඟ හෝදා ගෙන එන්න ඕනේ කියලා ඒ නිසයි ගග පැත්තට ගියේ. මමත් ගියා. ගගට බැස්සම මම කිව්වා ඈතට යන්න එපා කියලා.

එහෙම කියනකොටම උ සැඩ පහරට අහු වුණා. තාත්තේ මා බේර ගන්න කියලා දුව අත් දෙක උස්සාගෙන කෑගැහැව්වා. මමත් පනින්න හැදුවා. ළඟ හිටිපු අය මාව අල්ල ගත්තා. එතකොට හෝටලයේ කෙනෙක් ආවා. එයාට ජීවිත ආරක්සක කට්ටලය නෑ කියලා පනින්න බැහැ කිව්වා. ඒත් එක්කම දුව වතුරේ ගිලිලා ගියා.

මට ඊට පස්සේ බෝට්ටු පදින අය එකතු වෙලා හොයන කොට විනාඩි විතර ගියාම ගගට බැස්ස තැන ඉඳලා ටික දුරකින් දුව ගොඩ ගත්තා. පස්සේ අපි කිතුල්ගල තැලිගම් රෝහලට දුව ගේන කොට මිය ගිහිල්ලා. මගේ දරුවා මට නැති වුණා. දුව විවාහ වෙලා ඉන්නේ. එයාගේ මහත්තයා විදේශ ගත වෙලයි ඉන්නේ. දුවට දරුවෙක් ඉන්නවා.‘


මියගිය රංගන ශිල්පිනිය මොනර කිරිල්ලී, හඳයා. ලොක්කි, කතා කරන අලි පැටියා. සූම්, වැනි ටෙලි නාට්‍ය හා චිත්‍රපට වල රංගනයෙන් දායක වී ඇත.
මියගිය නිළියගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරනැල්ල මුලික රෝහලේ ඊයේ (18) කළ අතර එහිදී දියේ ගිලී සිදුවූ මරණයක් බවට තීන්දු විය. මේ වන විට ඇගේ දේහය මහනුවර අම්පිටියේ පිහිටි ඇගේ නිවසේ තැන්පත්කොට තිබේ. අවසන් කටයුතු හෙට 20 සවස සිදු කරන්නට නියමිතය.