සචින් තෙන්දුල්කාර් පසුගිය 24 වෙනි දින සිය 45 චෙනි උපන් දිනය සැමරුවේය. ලොව පුරා ක්‍රිකට් ලෝලින් දස දහස් ගණනින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය වීරයාට සුබ පතන අයුරු දැකිය හැකි විය. මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට ඔහු මුම්බායිහි අවන්හලක සිය උපන් දිනය සමරා ඇත්තේ ඉතා චාම් අන්දමිනි. එයට

සහභාගි වී තිබුණේ ඔහුට ඉතාම සමීප කිහිප දෙනෙකු පමණි. සචින්ගේ බිරිඳ අංජලි. දියණිය සාරා.
සොහොයුරු අජිත් මේ සඳහා එක්ව සිටි අතර ක්‍රිකට් මිතුරන් වන විනෝද් කම්බිලි, අජිත් අගාකාර් සහ සහීර් බාන් සාදයට සහභාගි වූහ.
සචින්ගේ උපන් දිනය දවස්ම උපන් දිනය යෙදී ඇති ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ ඩේමියන් ෆ්ලෙමින් සම්බන්ධ සිද්ධියක් නිසා
එදින සමාජ මාධ්‍ය තුළ ලොකු ගැටුමක්ද ඇති විය. ෆ්ලෙමින්ගේ උපන් දිනයට සුබ පතමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිල ටිවිටර් ගිණුමෙහි පණිවුඩයක් සටහන් කර තිබිණි. ආන්දෝලනය ඇති වූයේ සුබ පැතුමෙහි සඳහන් වූ පණිවුඩය
නිසා නොව ඒ සමග පල කර තිබූ වීඩියෝව නිසාය.

එහි ඇතුළත් වූයේ ඩේමියන් ෆ්ලෙමින්ගේ පන්දුවකින්
සචින්ගේ කඩුල්ල දැවී යන ආකාරයයි. මෙම වීඩියවෙ සචින් ලෝලීන් තුළ විශාල කෝපයක්ද, කලකිරීමක්ද ඇති කරන්නට සමත්ව තිබේ. ඔස්ටේලියානු ක්‍රිකට් ආයතනයට එරෙහිව ඔවුහු සමාජ මාධ්‍ය තුළ අවි අමෝරා ගත්හ. මේ බොහෝ දෙනෙකු එම ක්‍රිකට් ආයතනයට සිය අප්‍රසාදය පළ කරමින් විමසා තිබුණේ සචින් උපන් දිනය යෙදී ඇති දිනෙක මෙවැනි පණිවුඩයක් සඳහා වෙනත් පිතිකරුවෙකු සම්බන්ධ වීඩියෝවක්
යොදා ගත නොහැකි වීද කියාය. මෙම වීඩියෝව මෙම
ශ්‍රේෂ්ඨ පිතිකරුවාගේ උපන් දිනය දවසේ ඔහුට කළ නිගරුවක් ලෙස බොහෝ දෙනෙකු සලකන බව
පෙනුණු අතර එයට  සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක්
පැන නැගිණි. ට්විටර් පණිවුඩයකින් ෆ්ලෙමින්ට ගෞරව කළ හැකි
හොඳම විදිය ඔහු සචින් වැනි දැවැන්තයෙකුගේ කඩුල්ල බිඳ දමන සැටි පෙන්වීම යයි ඔස්ට්‍රෙලියානු . ක්‍රිකට් ආයතනය සිතන්නට ඇත. කෙසේ හෝ වේවා තමා
වෙත සුබ පැතුම් එවූ දස දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ට ස්තූති කරමින් සචින්ද විඩියෝවක් ඔහුගේ
ට්විටර් ගිණුමට එක් කර තිබිණි.
 කිත්සිරි මල්වත්ත