ඒඩ්ස් හැදුණැයි කටකතා පැතිරූ
ගණේමුල්ල දැරියව රන්ජන් අකිල වෙත ගෙන යයි

මවට පවතින රෝගී  තත්ත්වයක් නිසා පසුගියදා සමාජ පීඩනයට ලක්ව අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වූ ගණේමුල්ලේ පාසල් සිසුවියට, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් ලබාදීමට ඊයේ (18දා) පියවර ගෙන තිබේ.
ඒ සමාජ

සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුවයි.

මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටලුද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බවත්, දිවයිනේ සියලු රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

අදාළ දැරියගේ පියාටද අධ්‍යාපන සුදුසුකම්වලට අනුව සුදුසු රැකියාවක් ලබා දීමටද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.