අසනීපව සිටි දෙහැවිරිදි දැරියකට දෙමාපියන් විසින් බෙහෙත් පෙවීමට යද්දී බෙහෙත් පෙත්තක් උගුරේ සිරවී මරණයට පතක්වීමේ සිදුවීමක් කුරුණෑගලින් වාර්තාවේ.

පෙරේදා (19) මෙසේ මියගියේ වැල්ලව,

හැඟව පදිංචි එච්. බී. දහම්දි අරලියා නමැති දෙහැවිරිදි සිඟිත්තියකි.
අලුත් අවුරුදු නිමාවෙන් පසු දැරියට උණ රෝගය වැළඳී තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නට ගිය අවස්ථාවේ ඔහු දැරියට පැරසිටමෝල් පෙති කාලක්‌ පෙවීමට උපදෙස්‌ දී තිබේ.
සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට පැරසිටමෝල් දියර ලබාදේ)
ඒ අනුව මවුපියන් දැරියට බෙහෙත් පෙවීමට උත්සහ ගැනීමේදී පෙත්ත සිරවී අපහසුතාවන්ට ලක්ව දැරිය කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කළ ද ඇය මරණයට පත්වු බව කියැවේ. කෙසේ වෙතත් දැරියට ලබාදෙන්නට උත්සාහ කළේ පෙති කාලක්ද යන්න තවම පැහැදිලි නැත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවේ.