පානදුර මුලික රෝහලේ තිබූ නාඳුනන මළ සිරුරක් මීට වසර තුනකට පෙර ගාල්ල ප්‍රදේශයේ පොලිසියකින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇඟිලි සලකුණුද ලබාගෙන ඇප මත මුදා හැර සිටි පුද්ගලයකුගේ බවට
හඳුනාගෙන එම මළ සිරුර ඥාතින්ට බාර දුන් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙසේ නාදුනන මළ සිරුරක් ලෙස තබා තිබුනේ පිළියන්දල හැඩිගම දූවවත්ත පාර පදිංචිව සිටි සුදත් ගුරුසිංහ (55) යන අයකු බව පොලිසිය කියයි. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල වැව ආසන්නයේදි බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක ගැටී රෝහල් ගත කිරිමෙන් පසු මම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කළ පරික්ෂණවලින් හෙළි වී ඇත.
මිය යන විට ඔහු සතුව බුලත් විටක් පමණක් තිබූ අතර අන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වීමෙන් මළ සිරුර

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි. මෙම එම මළ සිරුර දින කිහිපයක් රෝහලේ තිබුණද ඔහු වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් නොවූයෙන් බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් සමිපත් මහතා මියගිය පුද්ගලයාගේ ඡායාරූප හා ඇඟිලි සටහන් ලබාගන්න ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.
ඒවා පරික්ෂා කළ එම නිලධාරින් මියගිය පුද්ගලයා මිට වසර තුනකට ඉහතදී ගාල්ල ප්‍රදේශයේ පොලීසියක් මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අයකුගේ බවට අනාවරණය කර ගැනීමට සමත්වී ඇත. එම අවස්ථාවේදී ඔහුගේ ලබාගත් ඇඟිලි සටහන් පොලිස් කොස්තාපල්  සමිපත් මහතා රැගෙන ආ ඇඟිලි සටහන් හා සැසඳීමෙන් ඔහුට එම අවස්ථාවේදී ඇප ලබා දිමට ඉදිරිපත් වූ අයගේ නම ලිපිනයට පොලිස් නිලධාරීන් වෙත ලබා ගැනීමට හැකි වි ඇත.
ඒ අනුව පිළියන්දල මියගිය අයගේ ඥාතීන් හමුවි සිද්ධිය සැලකර මිය ගිය අයගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු බාර දීමට කටයුතු සැලසු බව පොලිසිය කියයි.