නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් කීපදෙනකු පසුගිය 8 වැනිදා අතවරයකට ලක්වූ මිරිස්ස ප්‍රදේශයේ හෝටලය පවත්වාගෙන යාම අත්හිටුවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියම කළ බව එම
අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා පැවසීය. මෙම හෝටලය සබ්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇති බවත්, එය අවසන් වනතුරු හෝටලය වසා දැමීමට අධිකාරිය තීන්දු කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
එම නියෝගය අදාළ

හෝටලයේ හිමිකාරිත්වයට පෙරේදා (17) දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.. මෙම මිරිස්ස හෝටලය සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රයක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බව සිදුකරන ලද පරික්ෂණවලදී හෙළි වූ බවද හෙතෙම කීය. සාමාන්‍ය සංචාරක පනත යටතේ සංචාරකයින්ට සේවා සපයන ආයතන සියල්ලක්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රයක් ලඛා ගත යුතු නමුත්, නමුත් මෙම හෝටල් හිමිකාරිත්වය ප්‍රාදේශීය සභාව යටතේ අවහන්හලක් පවත්වා ගෙන යාම සඳහා වන අවසරය පමණක් ලබා ගෙන ඇති බවද රත්නායක මහතා කීය. කාමර 09 ක් සහ එකවර විදේශිකයින් 50 කට ආහාර ගැනීමේ ඉඩ පහසුකම්ද ඇති ‍භෝජනාගාරයක් සහිත මෙම හෝටලය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇතැයි ද ඔහු පැවසීය. ඉකුත් අප්‍රේල් 08 වැනිදා අලුයම් කාලයේදී මෙම හෝටලයේදී නෙදලන්න සහ බ්‍රිතාන්‍ය ජානිකයින් තිදෙනෙකුට හිරිහැර කිරීම සහ එම පිරිසේ සිටි විදේශික කාන්තාවකට ලිංගික අනවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේවන විට සැකපිට පුද්ගලයින් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (19) දින අධිකරණය හමුවේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය.